හරිත දියත මතක සටහන්... [කොටස් දහයෙන් - 02 වන කොටස]
හරිත
දියතට මුලින්ම එකතු උනේ ශ්රී ලංකා දිය ඇලි සංසදය මගින් සංවිධානය කෙරුන පාඨමාලවට සහභාගී උන තුන්වැනි කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක්. [ඒකට අඩිතාලම වැටුනේ ඒ පාඨමාළාව සම්බන්ධීකරණය කල රංජිත් අමරසිංහ මහතා අප තුල ඇතිකල දැනුම සොයා යෑමේ පිපාසය බව ගෞරවයෙන් සිහිපත් කරනවා].
හරිත
දියත මුල් අවුරුදු දහයේ පමණ හොඳ ක්රියාකාරී මට්ටමක තිබුනත්, මේ අන්තිමට ගෙවුන අවුරුදු පහක විතර කාලයේ ඒකත් නිකම්ම නමට විතරක් පවතින සංවිධානයක තත්වයට ලඝුවී තිබීම කණගාටුවට කරුණක්....
හරිත
දියතේ 2006-2016 කාල වකවානුවේ පැරණි මතක කිහිපයක්
මේ විදියට කොටස් වශයෙන් පළකරන්ඩ හිතුවා....
මේ
තියෙන්නෙ 2008 වසරට අයත් මතක සටහන් කිහිපයක්.....
මේ
අතර ආනවිළුන්දාව චාරිකාව, වන සංරක්ෂන දෙපාර්තමේන්තුවේ දේශනය, දෙහිවල වැඩිහිටි නිවස පිරිසිදු කිරීමේ ශ්රමදානය, මහ උසකන්ද චාරිකාව, කොස්ගොඩ කැස්බෑ නිරීක්ෂණ චාරිකාව, කඩොලාන දින මහජන දැනුවත් කිරීම, කන්තලේ වෛද්‍ය කඳවුරු, සොබා ප්රදර්ශන කුටිය, මාදුගඟ චාරිකාව, කොළඹ දිය ඇළි චාරිකාව, පානදුර වෙරළ පිරිසිදු කිරීම, සීගරි-දිය කැපිල්ල චාරිකාව, මහියංගන චාරිකාව, බුන්දල චාරිකාව සහ මාකෙළි ඇල්ලෙහි තිබුනු වාර්ෂික මහ සභාව විශේෂ වෙනවා.....
[අරුණ-2021/11/26]
No comments:
Post a Comment