Saturday, November 27, 2021

 හරිත දියත මතක සටහන්... [කොටස් දහයෙන් - 06 වන කොටස]

 මීට අවුරුදු 15වකට කලින්, 2006 නොවැම්බර් 25/26 දෙදිනේ බඹරකන්ද දිය ඇල්ල ආශ්රිත නිවාඩු නිකේතනයක "හරිත දියත" නමින් පාරිසරික සංවිධානයක් නිල වශයෙන් ආරම්භ උනාමම ඇතුළු සංවිධානය බිහිකර ගන්න පුරෝගාමී වුනු බොහෝ දෙනෙකුට, පාරිසරික අධ්යාපනය ලබා ගන්න, පරිසරය ගැන දැනුවත් වෙන්න සංවිධානය ගොඩක් පිටුවහලක් උනා... ඒක අපේ ජීවිතවල අමතක නොවෙන සන්ධිස්ථානයක් කිවුවත් වැරදි නෑ කියලා හිතනවා... "පරිසරය ගැන දැනුවත් වීම, පරිසර සංරක්ෂණයට දායක වීම සහ පාරිසරික අධ්යාපනය සමාජගත කිරීම" කියන අරමුණු තුන වටා ගොඩ නැගුන සංවිධානය, කැපවීමෙන් යම් අරමුණක් වටා එක්වෙන සුළු පිරිසකට උනත් ලොකු දෙයක් කරන්ඩ පුළුවන් බව පෙන්නලා දුන්නා......

හරිත දියතට මුලින්ම එකතු උනේ ශ්රී ලංකා දිය ඇලි සංසදය මගින් සංවිධානය කෙරුන පාඨමාලවට සහභාගී උන තුන්වැනි කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක්. [ඒකට අඩිතාලම වැටුනේ පාඨමාළාව සම්බන්ධීකරණය කල රංජිත් අමරසිංහ මහතා අප තුල ඇතිකල දැනුම සොයා යෑමේ පිපාසය බව ගෞරවයෙන් සිහිපත් කරනවා].

හරිත දියත මුල් අවුරුදු දහයේ පමණ හොඳ ක්රියාකාරී මට්ටමක තිබුනත්, මේ අන්තිමට ගෙවුන අවුරුදු පහක විතර කාලයේ ඒකත් නිකම්ම නමට විතරක් පවතින සංවිධානයක තත්වයට ලඝුවී තිබීම කණගාටුවට කරුණක්....

හරිත දියතේ 2006-2016 කාල වකවානුවේ පැරණි මතක  කිහිපයක් මේ විදියට කොටස් වශයෙන් පළකරන්ඩ හිතුවා....

2012 දී ඉඳිකඩ මූකලාන අසල ශ්රමදානයක්, ගම්පහ ලමා නිවාසයක කල වැඩසටහනක්, මීගමු කලපුව ආශ්රිත චාරිකාවක්, සොබා ප්රදර්ශන කුටිය, නකල්ස් චාරිකාවක්, නුවර-එළිය චාරිකාවක්, කන්තලේ වැඩසටහන් කිහිපයක්, සහ ඉඳිකඩ මූකලානේ නාමපූරුවක් සවි කිරීම හරිත දියතේ මතක සටහන් අතර වෙනවා......

 [අරුණ-2021/11/26]






























































































No comments:

Post a Comment