Sunday, November 28, 2021

 හරිත දියත මතක සටහන්... [කොටස් දහයෙන් - 01 වන කොටස]

 මීට අවුරුදු 15වකට කලින්, 2006 නොවැම්බර් 25/26 දෙදිනේ බඹරකන්ද දිය ඇල්ල ආශ්රිත නිවාඩු නිකේතනයක "හරිත දියත" නමින් පාරිසරික සංවිධානයක් නිල වශයෙන් ආරම්භ උනාමම ඇතුළු සංවිධානය බිහිකර ගන්න පුරෝගාමී වුනු බොහෝ දෙනෙකුට, පාරිසරික අධ්යාපනය ලබා ගන්න, පරිසරය ගැන දැනුවත් වෙන්න සංවිධානය ගොඩක් පිටුවහලක් උනා... ඒක අපේ ජීවිතවල අමතක නොවෙන සන්ධිස්ථානයක් කිවුවත් වැරදි නෑ කියලා හිතනවා... "පරිසරය ගැන දැනුවත් වීම, පරිසර සංරක්ෂණයට දායක වීම සහ පාරිසරික අධ්යාපනය සමාජගත කිරීම" කියන අරමුණු තුන වටා ගොඩ නැගුන සංවිධානය, කැපවීමෙන් යම් අරමුණක් වටා එක්වෙන සුළු පිරිසකට උනත් ලොකු දෙයක් කරන්ඩ පුළුවන් බව පෙන්නලා දුන්නා......

හරිත දියතට මුලින්ම එකතු උනේ ශ්රී ලංකා දිය ඇලි සංසදය මගින් සංවිධානය කෙරුන පාඨමාලවට සහභාගී උන තුන්වැනි කණ්ඩායමේ සාමාජිකයන්ගෙන් පිරිසක්. [ඒකට අඩිතාලම වැටුනේ පාඨමාළාව සම්බන්ධීකරණය කල රංජිත් අමරසිංහ මහතා අප තුල ඇතිකල දැනුම සොයා යෑමේ පිපාසය බව ගෞරවයෙන් සිහිපත් කරනවා].

හරිත දියත මුල් අවුරුදු දහයේ පමණ හොඳ ක්රියාකාරී මට්ටමක තිබුනත්, මේ අන්තිමට ගෙවුන අවුරුදු පහක විතර කාලයේ ඒකත් නිකම්ම නමට විතරක් පවතින සංවිධානයක තත්වයට ලඝුවී තිබීම කණගාටුවට කරුණක්....

හරිත දියතේ 2006-2016 කාල වකවානුවේ පැරණි මතක  කිහිපයක් මේ විදියට කොටස් වශයෙන් පළකරන්ඩ හිතුවා....

මේ තියෙන්නේ 2006-2007 කාලයට අයත් මතක සටහන් කිහිපයක්...

මේ අතර දිය ඇලි සංසදයෙන් ගිය රත්නපුර චාරිකාව, සිංහරාජ-පිටදෙණිය චාරිකාව, නකල්ස්-ඉලුක්කුඹුර චාරිකාව  වගෙම, නිල නොවන උඩවලව චාරිකාව, විවෘත විශ්වවිද්යාල වනජීවී කළමනාකරන පාඨමාලාවෙන් ගිය තණමල්විල චාරිකාව, රණ්දෙණිගල වනජීවී භාරයේ වැඩමුළුව, සුරතලී ඇල්ල නාමපූරුව, බඹරකන්ද සමාරම්භක උත්සවය, කන්නෙලිය චාරිකාව, වැල්ලවත්ත වෙරළ පිරිසිදු කිරීම, ඡායරූපකරන දේශනය, සිංහරාජ චාරිකාව, අනුරාධපුර පොසොන් පිරිසිදු කිරීමේ ශ්රමදානය, හෝර්ටන්තැන්න චාරිකාව, උඩවලව ගඳපාන ගැලවීමේ ශ්රමදානය, කන්තලේ සිරිමංගලපුර ප්රජා සත්කාරක වැඩසටහන, ඇඹිලිපිටිය රෝහලේ පලතුරු උයන සිටුවීමේ ශ්රමදානය සහ කිතුල්ගල වාර්ෂික රැස්වීමේ අවස්ථා තියෙනවා.....

[අරුණ-2021/11/26]